ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (12) උදෑසන අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඉන් පිටය ගොස් තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව ඒ මහතා අද මෙම කොමිසම හමුවට පැමිණියේය.
පැය 2කට වැඩි කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දුන් බවයි වාර්තා වන්නේ.