සාමාන්‍ය පරිභෝජනය යටතේ රටේ දැනට පවතින තෙල් තොග සහ ඇණවුම් කර තිබෙන ප්‍රමාණයන් පිළිබඳ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළිදරව්වක් කළේය.
පෙට්‍රල් 92 වර්ගය අප්‍රේල් 23 වෙනිදා දක්වාත්, පෙට්‍රල් 95 වර්ගය මැයි 10 වෙනිදා දක්වාත් ප්‍රමාණවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඩීසල් අප්‍රේල් මස 12 වැනිදා දක්වා සහ සුපර් ඩීසල් මැයි මස 10 වැනිදා දක්වාත් ප්‍රමාණවත් සංචිත මෙරටේ තිබෙන බව ද සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙහිදී පැවසුවේ වෙනත් සැපයුම් මාර්ග ඔස්සේ තෙල් ලබා ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
දැනට ලියාපදිංචි නොමැති සමාගම්වලින් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන බව ද හදිසි මිල දී ගැනීම් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ද ඒ මහතා පැහැදිලි කළේය.
පවතින ලෝක තත්ත්වයන් ගැන දිනපතාම අධ්‍යයන කරමින් සිටින අතර බොර තෙල් ලබාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.