“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට (10) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට (10) පෙ. ව 11.30 සිට ප.ව 3.30 දක්වා පැවැත්වීමට අද (09) කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
විවාදයෙන් අනතුරුව ප.ව 3.30 ට පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවත් මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය. ඉන්පසු ප.ව 5.30 දක්වා “ගොවීන්ට සහතික මිලක් ලබා දීම හා ඔවුන්ට මුහුණදීමට සිදුවන ගැටලු නිරාකරණය කිරීමේ අවශ්යතාවය” පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ.
එසේම මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබූ පරිදි හෙට දින විවාදයට ගැනීමට (දෙවනවර කියවීමේ) නියමිතව තිබූ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී ඇත. මෙම පනත් කෙටුම්පතේ සංශෝධනවලට අදාළව සාකච්ඡා සඳහා තවදුරටත් කාලය අවශ්ය බවට ශ්රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලා කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ.