Tuesday, September 09, 2025
Follow Us
ශ්‍රී ලංකාව සහ UAE අතර අත්සන් කළ ගිවිසුම සම්මත වෙයි
ශ්රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්යය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත වෙයි

 

අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලද ශ්රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්යය අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතයට අදාළව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 163ක් හිමිවූ අතර විපක්ෂව කිසිදු ඡන්දයක් ප්රකාශ නොවිණි. ඒ අනුව යෝජනා සම්මතය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත විය.
 
2025.08.21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම ගිවිසුම ආයෝජන ප්රවර්ධන හා අන්යෝන්ය වශයෙන් සුරක්ෂණය පිළිබඳ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්ය අතර 2025 පෙබරවාරි 12 වැනි දින අත්සන් කරනු ලැබූවකි. ඒ අනුව මෙය එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජාතිකයන්ගේ හෝ එම රාජ්යයේ නීති ප්රකාරව සංස්ථාගත කරන ලද නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ආයෝජන ශ්රී ලංකාවේදී ප්රවර්ධනය කිරීම හා සුරක්ෂා කිරීම සදහා වන ගිවිසුමකි.
 
මෙරට ආන්ඩුක්රම ව්යවස්ථාවේ 157 ව්යවස්ථාව ප්රකාරව මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත කළ යුතුව තිබූ අතර ඒ අනුව මීට අදාළ විවාදයෙන් අනතුරුව ප.ව 5.00 ට පමණ ඡන්ද විමසීමක් පැවැත්විණි.