Tuesday, September 02, 2025
Follow Us
රටේ පරිවර්තනයේ වගකීම දේශපාලන නායකත්වයට මෙන්ම, රාජ්‍ය සේවයට නායකත්වය දෙන්නන්ට ද තිබෙනවා - අගමැතිනී

රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ වගකීම දේශපාලන නායකයන්ට පමණක් නොව රාජ්ය සේවය නායකත්වය දෙන නිලධාරීන්ටද අයත් වන බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.

අමාත්යවරිය මේ අදහස් දැක්වුවේ, ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්රේණිය සඳහා සීමිත පදනම මත බඳවාගත් නව නිලධාරීන්ට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින්ය. අධ්යාපන අමාත්යාංශයේ දී පැවති මෙම උත්සවයේ දී නවක නිලධාරීන් 405 දෙනාට පත්වීම් ලිපි ලබාදෙන ලදි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරිය පැවසුවේ,
 
“ඉතිහාසය වෙනස් කළ හැකි මොහොතකයි ඔබ මේ පත්වීම් ලබන්නේ. අප බලාපොරොත්තු වන පරිවර්තන යුගය ගොඩනගා ගැනීමේ සිහිනයේ විශාල කොටසක් අධ්යාපන ක්ෂේත්රය සතුය. රටට ශක්තිමත් රාජ්ය සේවයක් අවශ්යයි. නමුත් එය රැකියාවක් පමණක් නොව, ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අත්යවශ්ය මෙහෙයුමක් බව ඔබ සැම තේරුම් ගත යුතුය,” යනුවෙනි.
තමන්ගේ කාර්යයයේ වගකීම නිවැරදිව ඉටුකළ හැකි හෘද සාක්ෂිය අවදිකරන තීරණ ගැනීමට හැකි සුවිශේෂී අධ්යාපන පරිපාලන සේවයක් අපේ රටට අවශ්ය වේ. අධ්යාපන කේෂ්ත්රෙය් මේ වන විට පවතින පැරණි ක්රමවේද ඉවත් කර පරිවර්තනීය යුගයක් කරා යාමට නම් ඔබ ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඉන් නොනැවතී ඒවා විසඳීමට අවශ්ය කටයුතු කිරීමට වගබලා ගත යුතු බව වැඩි දුරටත් අවධාරනය කරන ලදි.
 
ශක්තිමත් රාජ්ය සේවයක් සඳහා ශක්තිමත් අධිකාරියක් දේශපාලන සේම ශක්තිමත් සෘජු තීරණ ගතහැකි ශක්තිමත් රාජ්ය සේවයක් අවශ්යය බවත්, පුදගලික න්යායෙන් මිදී ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීමම ප්රධාන අරමුණ කරගත යුතු බවත් අග්රාමාත්යතුමිය වැඩිදුරටත් ප්රකාශ කරන ලදි.
 
අධ්යාපන සහ උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතාද මෙම උත්සවයට එක්ව සිටි අතර, නව නිලධාරීන්ට තමාගේ අනුග්රහය සැමවිටම ලැබෙන බවට සහතික කළේය.
ඉදිරි දශකයේ අධ්යාපන ක්ෂේත්රයේ ගුණාත්මක වෙනස්කම් ගෙන ආ රටේ පරිවර්තන මඟ අලුත් නිලධාරීන්ගේ දක්ෂත්වය මත රඳා පවතී බවත්, ඔවුන්ගේ කැපවීමෙන් ශ්රී ලංකාවට අවශ්ය වූ ශක්තිමත් රාජ්ය සේවය ගොඩනගා ගත හැකි බවත් අද උත්සවය තුළ විශේෂයෙන් අවධාරණය විය.
 
මෙම අවස්ථාව සඳහා අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශ ලේකම් නාලක කලුවැව, අධ්යාපන සේවා අංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ ඇතුළු අමාත්යාංශයේ උසස් නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.