Saturday, September 05, 2026
Follow Us
ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 96 කින් සම්මතයි
ශ්රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශ්රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර ඉන් අනතුරුව පැවති දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 121 ක් ද විපක්ෂව ඡන්ද 25 ක් හිමි විය. පසුව පැවති කාරක සභා අවස්ථාවේදි පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීම සිදු විය. එසේම තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මේ අනුව, ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 96 කින් සම්මත විය.