Sunday, January 25, 2026
Follow Us
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය වී ඇත.

ඒ අනුව එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගැනීමටද මෙහිදී තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී ඇතැයි සදහන් කෙරේ.