Saturday, June 21, 2025
Follow Us
ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
ජූලි පළමු පාර්ලිමේන්තු සතිය - ජූලි 8, 9 සහ 11
 
විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස ජූනි 30 වැනි සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
 
2024 අංක 44 දරන රාජ්ය මූල්ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්ය ක්රමෝපාය ප්රකාශයක් නිවේදනය කිරීමේ අවශ්යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ද මහලේකම්වරිය සඳහන් කළාය.
 
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්රකාරව අග්රාමාත්යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30 වැනිදා පෙ.ව 9.30ට කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.
 
එසේම ජූලි 8, 9 සහ 11 දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය වී තිබේ.
 
ඒ අනුව ජූලි 8 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2437/04 දරන ගැසට් නිවේදනයේ පළකර ඇති නියමයන් විවාදයට ගැනීමට නියමිතව ඇත.
 
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
 
ජූලි 9 වැනි බදාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 10.30 කාලය අග්රාමාත්යවරියගෙන් අසනු ලබන ප්රශ්න සඳහා කාලය වෙන් කර ඇති අතර පෙ.ව 10.30 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
 
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ප්රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.
 
එළැඹෙන ජූලි 10 වැනිදාට ඇසල පොහොය යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්නොවන අතර ජූලි 11 වැනි සිකුරාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා මන්ත්රීවරයන්ගේ පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ක්රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්රීඩක ක්රීඩිකාවන්ට ක්රීඩා ක්ෂේත්රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම පිළිබඳ යෝජනාව, ගරු පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදරිපත් කර ඇති සමූපකාර ග්රාමීය බැංකු පද්ධතිය නිසි අධීක්ෂණයකට යටත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමපිළිබඳ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
 
එසේම පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කර ඇති ශ්රී ලංකා විදේශ සේවයේ පත්වීම් ලබාදීම විධිමත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ යෝජනාව, ගපාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති සෑම තරුණයෙකුම ඵලදායි රැකියාවක නියුතු පුද්ගලයෙකු හෝ ස්වයං රැකියාවක නියුතු ව්යවසායකයෙකු බවට පත් කිරීම පිළිබඳ යෝජනාව,  පාර්ලිමේන්තු මන්ත්රී ලාල් ප්රේමනාත් මහතා විසින් ඉදිරිපත් කර ඇති බිම් මට්ටමේ පවතින සියලු පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්රී ටී.කේ ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර ඇති පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය අයත් පර්සර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම පිළිබඳ යෝජනාව මෙසේ විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
 
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර ඇත.