සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිධුරයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා තේරී පත්විය.
පසුගියදා (22) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි.
ඒ අනුව සභාපති ධුරය සඳහා වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ නම ජාතික ඒකාබද්ධතා ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලිී ගුණසිංහ මහත්මිය විසින් ස්ථිර කරන ලදී.
සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.