Monday, January 26, 2026
Follow Us
සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව එලෙස පත් කර තිබෙයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස සමන්ත රණසිංහ මහතා කටයුතු කළේය.