Monday, January 26, 2026
Follow Us
කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක්

ජාතික ජනබලවේගය නියෝජනය කළ, කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06  වැනි දින සිට  දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන  මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබේ.

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව  මෙම දැනුම් දීම සිදුකර ඇත.