Monday, January 26, 2026
Follow Us
හිටපු කතානායක චමල් රාජපක්ෂ ප්‍රාදේශීය සභාවට තරග කිරීමේ සූදානමක

තමන් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසා තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මේවනවිට තම පක්ෂය තුළ වඩා යහපත් පිබිදීමක් ඇතිව තිබෙන බවයි.

ඒ අනුව තමා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් තමාට ඉදිරිපත් විය හැකි බවත් හිටපු කතානායකවරයෙක් ව සිටි චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

“ඉහළ යනවා. පහළ යනවා. අපි පහළින්ම පටන් ගන්නවා ආපහු. සියලුදෙනාගේම ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්” යයි ඔහු සඳහන් කර ඇත.