Monday, January 26, 2026
Follow Us
භාවිතයට නොගන්නා වාහන විකුණා ලැබෙන මුදල් මහා භාණ්ඩාගාරයට

ජනාධිපති කාර්යාලයේ තිබෙන වාහන ඇතුළුව රජයේ ආයතනවල භාවිතයට නොගත් සියලුම වාහන මාර්තු 31වනදාට පෙර විකිණීමට නියමිතව තිබේ .‍

අමාත්‍ය වසන්ත සමරසිංහ අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ එමඟින් අයවන සියලු මුදල් මහා භාණ්ඩාගාරයට බැර කරන බවයි.

පසුගිය පාලන සමයේ වාහන 800කට වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.