Monday, January 26, 2026
Follow Us
ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය හෙට ප.ව 9.30 දක්වා

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (04) ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

මේ අනුව පෙර තීරණය කළ පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය හෙට පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ. අනතුරුව ප.ව 5.00 ට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ප.ව 5.30 ට විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවක් ලෙස මෙම  සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළ වී ඇත.