Saturday, May 16, 2026
Follow Us
සියලු ඡන්දදායකයින්ගෙන් මැතිවරණ කොමිසම කළ ඉල්ලීම

එළැඹෙන මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින් ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඉල්ලීමක් කරයි.

ඔහු පැවසුවේ ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දෙන අයිතියක් බැවින් සිය ඡන්දය භාවිත කරන ලෙසය.

"ඡන්දය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙන අයිතියක්. ඒ නිසා ඒ අයිතිය භාවිත කිරීම ඔබේ යුතුකමක්... ඡන්දය ඔබේ අයිතියයි. ඡන්දය ඔබේ බලයයි... ඒ නිසා 14 වැනිදා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න ඡන්ද පොළවල්වලට යන්න."