Sunday, November 01, 2026
Follow Us
අස්වැසුම නොලැබුණ පවුල් පිළිබඳව සොයා බැලේ

පසුගිය අවස්ථාවේ අස්වැසුම නොලැබුණ පවුල් හෝ පුද්ගලයින් ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුනට සාධාරණයක් ඉටු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීය.

සාධාරණ හේතුවක් නොමැතිව අස්වැසුම සහනාධාර නොලැබී ඇත්නම් එම පවුල් සඳහා අස්වැසුම ලබා දීමට රජය දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේම සමාජ සේවා අමාත්‍යංශයෙන් මේ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් දැනටමත් පත් කර ඇති බව පැවසු අමාත්‍යවරයා,  සුදුසුකම් ඇති පුද්ගලයින්ට හෝ පවුල් සඳහා පමණක් මෙම අස්වැසුම සහනාධාර ලැබී තිබෙන්නේ ද යන්න පිළිබඳ  තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය.