Wednesday, November 13, 2024
Follow Us
රාජ්‍ය සේවකයින්ට සුබ පණිවුඩයක්

පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ "රට හදන අපි එකට මාලිමාවට" යන තේමාවෙන් අද (30) පස්වරුවේ මාතර පැවති ජනතා රැලිය අමතමිනි.

 ලෝක ඉතිහාසගත වන කැබිනට් මණ්ඩලය ශක්තිමත් තැනක සිටින බවත් ඉදිරියේ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඇති වීමට ඉඩ නොදී ඉතාමත් අසත්‍ය චෝදනා එල්ල කරන බව ජනාධිපති අනුර දිසානායක පෙන්වා දුන්නේය.

"රජ්‍ය සේවකයින්ට වැඩි වැඩි කරන්න තීන්දු කළාලු, සල්ලිත් වෙන් කරාලු. කැබිනට් මණ්ඩලයත් අනුමත කරාලු. ඉතින් දෙන්න තිබුණා නේ. ඔයා අනුමත කරාත් එකයි නැතත් එකයි. සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා. මේ සමාජය තුළ දෙදරීමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගෙනදුන්නේ ජාතික ජන බලවේගයට රාජ්‍ය සේවකයා. ඒ නිසා එතන බිඳවට්ටන්න මේ වගේ අසත්‍ය කරුණූ ඉදිරිපත් කරනවා. මාසයයි, දෙකයි, තුනයි මේක වැටෙයි කියනවා. මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ගොඩනගපු ආණ්ඩුව නතර වෙන්නේ මේ රට හදලා මිස මේ ආණ්ඩුව නතර කරන්න බැරි බවත් මතක තියා ගන්න."