Monday, January 26, 2026
Follow Us
සහල් ගැටලුව ගැන සජබ හර්ෂ කතා කරයි

සහල් ගැටලුව විසඳා ගැනීමට රජය තවමත් අසමත් වී ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කාට කාටත් පවතින තත්ත්වය තේරිගෙන යන බවත් පසුගිය දවස්වල හාල්මෝලවලට පැනලා ගෝඨාභය මහත්තයා වගේ මීඩියා සෝ එකක් දමා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. තාම හරි විසඳුමක් නැහැ. ගැසට් එකෙන් නාඩු 220 සිට 240 දක්වා උස්සන්න ඕනි.හෙට අනිද්දා වෙන කොට කොහෙවත් නාඩු හාල් නැති වෙනවා.මෝල් කාරයෝ හුරතල් කරලා අන්තිමට ජනතාවට තමයි නාඩු හාල් නැති වෙන්නේ.