Sunday, March 15, 2026
Follow Us
තැපැල් ඡන්ද අයදුම්පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

තැපැල් ඡන්ද කැඳවීම අද (10) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. 

පසුගිය ඔක්තෝබර් 08  මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය, තැපෑලේ දී සිදු විය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන  අයදුම් පත්‍ර භාර ගැනීම අද දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කෙරිණි.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර අයදුම්පත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ යුතු වේ.