Monday, January 26, 2026
Follow Us
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් බෙදාහැර අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ, පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර එම කටයුතු සැප්තැම්බර් 14 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (08) දිනය ප්‍රකාශයට පත් කර ඇති බවය.