Monday, January 26, 2026
Follow Us
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තෙවැනි දිනය අදයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අදයි.

අද උදෑසන 8.30 සිට 4.30 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුගිය 04 වැනිදායින් ආරම්භ විය.

අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.