Monday, January 26, 2026
Follow Us
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හිටපු ජනපති මහින්දට පිළිගැන්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද පිළිගන්වනු ලැබුවා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් දෙවනදා ජනගත කිරීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ. 

මේ අතර ඉංගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ ඇතැම් ජනාධිපති අපේක්ෂකයින් මීට පෙර සිදු කළ ප්‍රකාශ මේ වනවිට වෙනස් වී ඇති බවයි.