Monday, January 26, 2026
Follow Us
අපරාධ, වංචා, දූෂණ සිදුකල පුද්ගලයන් තම රජයක් යටතේ නීතිය හමුවට ගෙන එන බවට අනුරගෙන් ප්‍රකාශයක්

බලයට පත්වන තම රජයක් යටත් අපරාධ, වංචා, දූෂණ සිදුකර තිබෙන සියලුම පුද්ගලයින්ට තරාතිරම් නොබලා ස්ථිර වශයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

 

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකර ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන් ද නීතිය හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.