Friday, March 20, 2026
Follow Us
හරීන්ට සහ මනූෂට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

අමාත්‍යවරුන් වූ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.