Monday, January 26, 2026
Follow Us
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම ගත් තීරණය

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වූ අතර එහිදී එම තීරණය ගෙන ඇත.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වන ගැටලුව ද දීර්ඝ ලෙස සාකඡාවට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙය වේ.