Monday, January 26, 2026
Follow Us
අනුරගෙන් පොරොන්දුවක්

සැමට සමාන නීතියක් ජාතික ජන බලවේග රජයක් යටතේ නිර්මාණ කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

රට ගොඩ නැගීමටනම් සැමට සාධාරණ නීතියක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික හෙද සමුළුව අමතමින් සඳහන් කළේ. 

පවතින නීතිය පුද්ගලයන් අනුව විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.