Monday, January 26, 2026
Follow Us
ජනාධිපතිවරණයට අද සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිපතිවරණය  පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් අද ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සිව් දෙනකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

 

ඒ අනුව ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තරතන ස්වාධීන අපේක්ෂකයින් ලෙස ද,අබිනව නිවහල් පෙරමුණ වෙනුවෙන් ඕෂධ ලක්මාල් අනිල් හේරත් සහ ශ්‍රි ලංකා කම්කරු පක්ෂය සඳහා ඒ.එස්.පී.ලියනගේ මැතිවරණ මහ ලේකම් කාර්‍යාලයයේ ගිණුම් අංශයට ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව අද දින නිමා වන විට ජනාධිපතිපතිවරණය සදහා සිව් දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන් වේ.