Monday, July 07, 2025
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩනැංවීම තව සති දෙකකින්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩනැංවීම තව සති දෙකක් ඇතුළත සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ එක්ව මෙම සන්ධානගත වීම සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් එය බොහෝ විට එළ‍බෙන 18 වනදා සිදු කිරීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සකස් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශ්‍රී.ල.නි.පයේ යෝජනා ද එක් කෙරෙනු ඇති අතර ඒ සදහා වන ගිිවිසුමක් ජනාධිපති අපේක්ෂක ගෝඨාඪය රාජපක්ෂ මහතා සමග අත්සන් කිරීමට නියමිතය.

(Lanka Leads)