වත්මන් රජය යටතේ මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වී ඇති බවත් එය ආපසු හැරවිය හැක්කේ දේශපාලනය හරහාම පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඇල්පිටියේ ජනතාව ඒ සම්බන්ධයෙන් රටටම සුබ පණිවුඩයක් ලබා දී ඇති බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්කර ගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටී.
ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ වෙනම මැතිවරණයට ඉදිරිපත් වුවද ජනාධිපතිවරණයේදී පක්ෂ දෙකම එකට කටයුතු කරන බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙන කණ්ඩායම ඇල්පිටියේදී 69% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවත්, එජාපයේ ඡන්ද ප්‍රතිශතය 24% කට සීමා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ජනාධිපතිවරණයේදී සමස්ත රටේම ජනතාවගේ තීන්දුව කුමක්ද යන්න සම්බන්ධයෙන් ඇල්පිටියේ ජනතාව යම් පණිවුඩයක් ලබා දී ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය බලය භාවිතා කරමින්, රැකියා, ඉඩම්, ද්‍රව්‍යමය දේ බෙදමින් ඡන්දය කොල්ලකෑමට එජාපය උත්සාහ කළද ඇල්පිටියේ ජනතාව ඒ සඳහා ඉඩ තබා නොමැති බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසනවා.
(LNW)