Wednesday, February 18, 2026
Follow Us
ශ්‍රීලනිපය වැඩබලන සභාපතිවරයෙක් පත් කරගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර තිබෙනවා.

ඒ ඊයේ (08) රැස් වූ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේදීයි. මෙය සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විතයි.

මීට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසත් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටින බවයි එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට පළ කිරිමට තීරණය කර තිබෙන බවද ප්‍රකාශ වී තිබෙනවා.

(Neth)