Tuesday, July 08, 2025
Follow Us
අවසන් වරටත් සහාය ඉල්ලීමට මහින්ද, බැසිල්, ගෝඨා අද ජනපති හමුවට

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සඳහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන තිදෙනාම අද (08) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීම සඳහා ජනාධිපති නිලනිවස වෙත යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

හෙට (09) දිනයේ අනුරාධපුරයේදී පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජනහමුවේ වේදිකාවට ගොඩවීම සඳහා කෙසේ හෝ ජනාධිපතිවරයා එකඟකරවා ගැනීමේ අරමුණින් යුතුව ඔවුන් තිදෙනාම මෙසේ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීම් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ අතර පොහොට්ටු වේදිකාවට ගොඩවන්නේද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අද ජනාධිපතිවරයා නොමැතිව වෙනම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමක් පැවැත්වීමට ද සූදානමින් සිටින බවත් වාර්තා විය.

(LNW)