Wednesday, February 18, 2026
Follow Us
අවසන් රැළි මෙහෙයවන්න රනිල් සහ මහින්ද ඇල්පිටියට

ඇල්පිිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනරැළි අද (08) පැවැත්වෙනවා.

එම ඡන්ද විමසීමට අදාළ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්වීමට නියමිතයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැළි දෙකක් අද පස්වරුවේදී ඇල්පිටියේදී පැවැත්වෙන බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ.

මේ අතර විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළියද අද පස්වරුවේ ඇල්පිටිය බස් නැවතුම්පොල ඉදිරිපිටදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

(Neth)