Wednesday, February 18, 2026
Follow Us
අනුර කුමාර උපන් ගමෙන් පළමු රැළිය අරඹයි

නාමයෝජනා භාර දීමෙන් පසු ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහභාගී වන පළමු ජන රැළිය ඔහුගේ උපන්ගම වන අනුරාධපුර තඹුත්තේගමදී අද (08) පැවැත්වෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියා සිටියේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මාලිමාව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් අද පළමු ජාතික මංගල රැළිය පැවැත්වෙනු ඇති බවයි.

(Neth)