Tuesday, July 08, 2025
Follow Us
අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට මාලිමාව ලකුණෙන්

ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මාලිමාව ලකුණ යටතේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද මැතිවරණ කොමිෂන් සභාව අද (07) පිළිගත්තා.

මේ අතර ස්වාධීන අපේක්ෂකයින් ලෙස නාමයෝජනා භාරදුන් එම් කේ ශිවාජිලිංගම් හා එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව අද විරෝධතා ගොනු කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ශිවාජිලිංගම්ට එරෙහිව විරෝධතා ගොනුකර තිබුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්.

එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව සරත් මනමේන්ද්‍ර විරෝධතා ගොනු කළා. එහෙත්, එම විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ සරත් මනමේන්ද්‍ර ද මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදිනවා.

(Neth)