Wednesday, February 18, 2026
Follow Us
ඇමති හරීන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඒ මහතා 69 වනවියේ පසුවිය. ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) සවස 03.00ට වත්තලදී සිදු කිරීමට නියමිතව ඇත.

(Aruna)