Monday, July 07, 2025
Follow Us
ජනපතිවරණයෙන් පසු මැතිවරණ වලදී ශ්‍රීලනිප සහ පොහොට්ටුව පොදු ලකුණක් යටතේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ පොදු ලකුණකින් තරඟ කිරීමට එකඟතාවයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පොදුජන එක්සත් පෙරමුණත් සමග සිටින සියලුම වමේ පක්ෂ වල නායකයන් එකඟතාව පළ කර ඇති බව පැවැසූ ඒ මහතා ගොඩ නගන පොදු සන්ධානයේ පොදු ලකුණු ලෙස පුටුව යොදා ගැනීම සඳහා සාකච්ඡා කර ඇති බව සඳහන් කළේය.

ඒ අනුව එම සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණය පළාත් සභා සහ පළාත් පාලන යන සියලු මැතිවරණ එම පොදු ලකුණ යටතේ තරග කරන බව ද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)