Monday, July 07, 2025
Follow Us
මෛත්‍රීද, සජිත්ද, ගෝඨාද ? ශ්‍රීලනිපයේ අවසන් තීරණය අද

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද (05) එළඹීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ ජනාධිපති නිලනිවසේදී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව ඇති අතර එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට ඔවුන් පැමිණෙනු ඇති බවයි ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග වදින්නේද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක් වන්නේද, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන්නේද යන්න පිළිබඳව අද රාත්‍රියේ අවසන් එකඟතාවක් ප්‍රකාශට පත්වනු ඇත.

දැනට පවතින තත්වයන් අනුව ශ්‍රීලනිපයේ සහාය හිමිවන්නේ කවර පාර්ශ්වයකටද යන්න ඉතා තීරණාත්මක සාධකයක් වන්නේ රටේ විධායක ජනාධිපති ධුරය ඔවුන් සතුව පවතින බැවිනි.

(LNW)