Monday, July 07, 2025
Follow Us
ගෝඨාගේ පුරවැසිභාවය අභියාචනාධිකරණය පිළිගනී !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගොනු කර තිබුණු රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

ඒ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේදී නීතිවිරෝධී ලෙස කටයුතු කර ඇති හෙයින් ඔහුගේ පුරවැසිභාවය පිළිගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ රීට් පෙත්සම ගොනු කර තිබුණු අතර එය දින තුනක් තිස්සේ විභාගයට ගැණිනි.

(LNW)