Wednesday, February 18, 2026
Follow Us
ගෝඨාභයට එරෙහි පෙත්සමේ තෙවන දිනය අදයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද තුන්වන දිනටත් සිදු කෙරෙනවා.

ඒ, අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

අදාළ පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම අද පෙරවරු 9.30 ආරම්භ වනවා. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොණු කර ඇත්තේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ විසින්.

(Neth)