Wednesday, February 18, 2026
Follow Us
සජිත්ගේ මාධ්‍ය කමිටුවෙන් මංගල හලයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයුම් සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක, හිටපු අමැති ඉම්තියාස් බාකිර් මාකාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර, එස්.එම්. මරික්කාර් සහ රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන රවි ජයවර්ධන එම කමිටුවට ඇතුළත් වෙති.

මෙම කමිටුව (4 වැනිදා) ප්‍රථම වරට රැස්වී ඉදිරි මාධ්‍ය මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීමට නියමිතය. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය හමු මෙතෙක් පැවැත්වූයේ ඇමැති මංගල සමරවීරගේ නිල නිවසේදීය.

ඉදිරියේදී සියලු මාධ්‍ය හමු කොළඹ චොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

(Lanka Leads)