Monday, July 07, 2025
Follow Us
එජාපයේ විශේෂ මහ සම්මේලනය ඇරඹෙයි…සජිත්ගේ ජනපති අපේක්ෂකත්වය තහවුරු කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය මේ වන විට ආරම්භ වී ඇත.

එළැඹෙන ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවටත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහයෝගය ලබාගන්නා බවටත් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට යෝජනා කළේය.

එම යෝජනාව පක්ෂ සම්මේලනයට පැමිණි ජනතාවගේ ඒකච්ඡන්දයෙන් සම්මත විය.

(Lanka Leads)