Wednesday, February 18, 2026
Follow Us
යෝෂිතගේ විවාහ උත්සවය අදයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ.

ප්‍රකට සී. එස්. එන්. නාලිකාවේ හිමිකාරීත්වය දැරීම පිළිබඳ විමර්ශන හේතුවෙන් වැඩ තහනමකට ලක් කර සිටි ඒ මහතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2016 පෙබරවාරි 28 වනදින සිට බලපැවැත්වෙන පරිදි පසුගිය සතියේදී සේවයෙහි පිහිටුවා තිබුණේ ද නාවික හමුදා නිලධාරියකු ලෙස ඔහුට විවාහ උත්සවය ගැනීම සඳහාය.

මීට අමතරව ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට ලුතිනන් කමාන්ඩර් තනතුරට උසස්වීමක් ද ලබාදී තිබිණි. එය ද විවාහ තෑග්ගක් වශයෙනි.

(LNW)