Monday, July 07, 2025
Follow Us
ලකුණ ගැන ජනපති – බැසිල් හමුව තීරණයකින් තොරව අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

ජනාධිපති නිල නිවසේ පැවති එම හමුව පැයකට අධික කාලයක් පැවති බව වාර්තාවේ.

ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතාත් හැර වෙනත් කිසිවකුත් ඊට සහභාගි වී නැති බවද දැනගන්නට ඇත.

පොහොට්ටුවේ ලකුණු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවත් එහෙත් අවසන් විසඳුමකට පැමිණ නැති බවත් වාර්තාවේ.

(Lanka Leads)