Thursday, February 19, 2026
Follow Us
සජිත් දාපු හේතුව අගමැති හෙළි කරයි

ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළේ, ජනාධිපතිවරණය ද ජයගෙන පාර්ලිමේන්තු මැතිවරණය ද ජය ගැනීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අරලියගහ මන්දිරයේ අද (29) පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ හමුවකදීයි.

රට ලබාගෙන ඇති නිදහස ඉදිරියට ගෙන යාමට සිවිල් සමාජයේ සියලුදෙනා සතුව ද වගකීමක් ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමි, අමාත්‍ය රවුෆ් හකීම් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

(Neth)