Thursday, February 19, 2026
Follow Us
ජනාධිපතිවරණ මංගල රැලි – අනුර උපන් ගමෙන් 08 – ගෝඨා අනුරාධපුරෙන් 09 – සජිත් ගාලුමුවදොරින් 10

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය ඔක්තෝබර් 10 වැනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථම මැතිවරණ රැස්වීම ඔක්තෝබර් 09 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජාතික ජනබල මෙහෙයුමේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ උපන් ගම වන තඹුත්තේගමින් ‘ගොඩ නගමු අපේ රට’ යන තේමාව යටතේ ඔක්තෝබර් 08 වැනිදා ප්‍රථම ප්‍රචාරක රැලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

(Aruna)