Sunday, July 06, 2025
Follow Us
බදු බර අඩු කරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

ජනතාව මත පටවා ඇති බදු බර අඩු කිරීමට ඉදිරි රජයක් යටතේ තමන් කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ අද පැවති ව්‍යාපාරික ජාතික සම්මේලනය අමතමින් ඔහු මේ බව සදහන් කළා.

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නිරත දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ට, සීමාවකින් තොරව ශී‍්‍ර ලංකාවට පැමිණෙන විදේශීය කොන්ත‍්‍රාත්කරුවන් සමග තරග කිරීමට සිදුව ඇති බවද ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදි ප‍්‍රකාශ කළා.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම සම්මේලනය ඇමතුවා.

(Neth)