Sunday, July 06, 2025
Follow Us
සජිත් අපේක්ෂකයා වූ පසු රනිල්ට රැලි තහනම්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට හිමිවීමෙන් පසු මැතිවරණ ප්‍රචාරක රැලිවලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු බව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් අගමැති ධුරය ඇමැති මංගල සමරවීරට ලබාදිය යුතු බවද යෝජනා කර ඇත. එහෙත් අගමැති ධුරය තවදුරටත් රනිල් වික්‍රමසිංහට හිමි විය බව රනිල් පාර්ශ්වය අවධාරණය කර තිබේ.

(Aruna)