Thursday, February 19, 2026
Follow Us
එජාපෙ නායකයින් හා සජිත් අතර සාකච්ඡාවක් අද – කොන්දේසි පිළිබඳවත් සාකච්ඡා කෙරේ

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව ඇත.

එම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමේදී ඉදිරිපත්ව ඇති කොන්දේසි පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

(Aruna)