Thursday, February 19, 2026
Follow Us
හිටපු හමුදාපති මහේෂ් ජාතික ජනතා ව්‍යාපාරයෙන් ජනාධිපතිවරණයට !

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරයෙන් (NPM) ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.

එම සංවිධානය සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනටමත් නිවේදනය කර තිබේ.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ වැනි පිරිසකගේ මූලිකත්වයෙන් ජාතික ජනතා ව්‍යාපාරය ගොඩනැංවී තිබේ.

(LNW)