Tuesday, July 07, 2026
Follow Us
මුල්ලේරියාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් වෙඩිතබා ඝාතනය කෙරේ

ඊයේ (02) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ සුමුදු රුක්ෂාන් යන අයයි.

ඔහු ඊයේ සවස මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතබා තිබිණි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය විමර්ශන සිදුකරයි.

LNW